32 C
Colombo
16 April 2025
Colombo Today Local News

වල් නාශක හා කෘමිනාශක මිල අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

සියලුම වල් නාශක හා කෘමිනාශක වල මිල සියයට 20කින් අඩු කිරීමටත්, ඇතැම් පළිබෝධ නාශකවල මිල ගණන් සියයට 40ක් දක්වා සහන මුදලකට ලබා දීමටත් සමාගම් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යන්ශය පවසයි.

මෙවර යල කන්නයේ දී කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යන්ශයේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.

දැනට ලෝක වෙළෙඳපොළේ කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවමවීම, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හා ආනයනය අවශ්‍යතා සඳහා රජය විසින් ඩොලර් නිදහස් කිරීම වැනි කටයුතු නිසා මිල ගණන් අවම කළ හැකි බව අමාත්‍ය මෙහිදී පෙන්වා දී ඇත.

එමෙන්ම රටට හොරෙන් ගෙන එනු ලබන පලිබෝධ නාශක වැටලීම් කඩිනම් කිරීම මෙන්ම ඒ සඳහා නාවික හමුදාවේ සහයෝගය ලබා ගැනීමට ද තීරණය කර තිබේ.

ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක අලෙවි කරන ආයතනවල බලපත්‍ර තහනම් කරන ලෙසත්, දැනට පලිබෝධ නාශක පනත යටතේ ලබා දිය හැකි දඩුවම් වැඩි කිරීම සඳහා සිදු කරන සං‌ශෝධන කඩිනම් කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළිබෝධනාශක රෙජිස්ට්රාකර්වරයාට උපදෙස් ලබා දී ඇත.

Related posts

නිරෝධායන නීති කැඩූ 95 ක් අත්අඩංගුවට

colombotoday

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

Admin

බුදු දහමට අපහාස කළ සියලු ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට අධිකරණ නියෝගක්

Admin

“දෙනවා කීව යතුරුපැදි කෝ“ ක්ෂේත්‍ර නිලධාරීන් විරෝධතා.. “පාරවල් දැන් කාපට්.. ඒව ඕන නෑ“ – මුදල් ඇමති

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාලාභීන්ට නිවේදනයක්

colombotoday

අද එල්.පී.එල් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිකන් බලන්න අවස්ථාව

Admin