Colombo Today Local NewsUncategorized

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (30)දින රැස්වීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 25 වනදා පළමු වරට රැස් වූ අතර ඊට එම සභාව නියෝජනය කරන සාමාජිකයින් 9 දෙනෙකු පමණක් සහභාගී වී තිබුණි.

මේ දක්වාත් සුළු පක්ෂ නියෝජනය කරන නියෝජිතයා පත් නොකිරීම හේතුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මෙලෙස සාමාජිකයින් 9 දෙනෙකුගෙන් පමණක් රැස්වී තිබුණි.

එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡාවට ලක්වු අතර අද දිනයේ දි තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

ඒ අනුව මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ, මුදල්, සීමානීර්ණ, ජාතික ප්‍රසම්පාදන යන කොමිශන් සභා සඳහා මෙලෙස සාමාජිකයින් පත්කෙරෙනු ඇත.

Related posts

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin

බූස්ටර් එන්නත ගැබිනි මව්වරුන්ටත්

colombotoday

“කුණුටික සුද්ද කරගන්න බැරිව කොහොමද මෙගාපොලිස් කරන්නේ“ – අගරදගුරුගෙන් කනේ පහරක්

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

colombotoday

අන්තවාදය ගැන ඥානසාර හාමුදුරුවෝ කියන බුද්ධිමය සංවාදය කතෝලික සභාවත් ඉල්ලයි.

colombotoday