Colombo Today Local News

ජනපති මැඳුරෙන් සොයාගත් මුදල් අස්ථානගත වීම ගැන නඩුවෙන් වසන්ත මුදලිගේට ඇප

ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට අද (13)දින ඇප නියම කෙරුණි.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

ජනාධිපති කාර්යාලට ඇතුලු වූ පුද්ගලයින් 72 දෙනෙකුට එරෙහිව නඩුව පවරා ඇති අතර කොටුව පොලිස් ස්ථානය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා, අද (13) එම නඩුවේ 73 වැනි සැකකරු ලෙස නම් කළේ ය.

වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර මහතා,

“අද (13) දවසේ නැවත ඔහුව ජනවාරි 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කටයුතු කරනවා. ඒ නිසා මෙතන තියෙන න්‍යාය පත්‍රය කාගෙද? කියලා හරි පැහැදිලියි. මෙතන තියෙනවා ලොකු දේශපාලන ප්‍රශ්නයක්. මේ වෙද්දි වසන්ත මුදලිගේ විතරක් නෙවෙයි. වසන්ත මුදලිගේ කරපු දේම තමයි අපිත් කළේ කියලා රට වටේ මිනිස්සු දිවුරුම් ප්‍රකාශ අත්සන් කරනවා. ඒ තියෙද් දී වසන්ත මුදලිගේ හිරේ දානවා. මේ අරගලය මෙහෙම නඩු දාලා නවත්තන්න බැහැ”

Related posts

ජාතික ගුවන්විදුලියේ දෙමළ සේවය ISIS ප්‍රචාරක මධ්‍යස්ථානයක්…. පාලනාධිකාරියට ලොකු ලොකු ගෙවීම්…

colombotoday

ඉතිහාසයේ වැඩිම ළමා අපචාර හා හිංසා නඩු ප්‍රමාණයට නීතිපති උපදෙස් දී අවසන් – නඩු ගණන 12,968

colombotoday

බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තව පිළිගන්නෙත් නෑ, චෝදනා පිළිගන්නෙත් නෑ

colombotoday

අද තැනින් තැන වැසි

colombotoday

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි

colombotoday

VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයි

colombotoday