Colombo Today Local News

සරසවි සිසුවෙක් නේවාසිකාගාරය තුළ මැරී වැටෙයි

කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සිසුවකු හෝමාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇතැයි හෝමාගම රෝහල් පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ එම තාක්ෂණ ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 25ක් වයස කටුගම්පල ගේ මලිත් යශෝධ නෙමැති සිසුවාය.

මෙම සිසුවා කටුපොත පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටී සිටි මෙම සිසුවා කඩිනමින් රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා ඔහු මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (3) දින පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

ශ්‍රී ලංකාව තුල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

colombotoday

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක්.. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කරමින් සිටිනවා

colombotoday

දුම්වැටි 6000ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

බදු ඉවත් නොකලොත් ඩීසල් 52 කින් – පෙට්‍රල් 19 කින් ඉහළ දැමීමට සිදු වෙනවා

colombotoday

බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය (සජීවී විකාශය)

colombotoday

හෙරොයින් වැටලීමකට ගිය පොලීසියට කාන්තාවන්ගෙන් ගල්මුල් ප්‍රහාරයක්…

Admin