Colombo Today Local News

මැයි 9 වැනි දා ගෝඨා ගෝගමට පහරදීමේ සිද්ධියට මහින්ද, නාමල්, සනත් නිශාන්ත ඇතුළු පිරිසකට නොතීසි

ගෝඨා ගෝගමට මැයි 9 වැනි දා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 22 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, අමාත්‍ය සනත් නිශාන්ත, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට නොතිසි නිකුත් කර තිබේ.

අධිකරණය එසේ නොතිසි නිකුත් කර ඇත්තේ, ගෝඨාගෝගම අරගලයට සම්බන්ධවූ පස් දෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

විජිත් මලල්ගොඩ, ජනත් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

Related posts

රාජ්‍ය සේවකයින් ලක්ෂ පහමාරකට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් – ඇමති වජිරගෙන් නිවේදනයක්

colombotoday

හස්බුල්ලා සහ පුතා කෝප් කමිටුව මගහරී !

colombotoday

නැගෙනහිර හිටපු ආඥාපති පාස්කු කොමිසමේ දී කල හෙළිදරව්ව

colombotoday

රටම කලුවරේ මුදල් ඇමැති කරන්නේ මොනවාද. තෙල් ටැංකි සියල්ලම ඉන්දියාව උකස්කරලා

colombotoday

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් වෙයි… ප්‍රාදේශීය සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

colombotoday