Colombo Today Local News

යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායට

එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය ලබා දුන් යුරියා මෙට්‍රික් ටොන් 9000ක් සහිත නැව අද (2) උදේ කොළඹ වරායට සේන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා මෙම පොහොර තොගය එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය විසින් ලබා දුනි.

මහ කන්නයට වී වගාව සඳහා අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන Miuriate of Potash (MOP) හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව අද (2) රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

එම බණ්ඩි පොහොර තොගය ගොඩ බෑම හෙට දින (03) සවස සිට සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ විමසීමක දී කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සදහන් කර ඇත.

මෙම බණ්ඩි පොහොර තොගය නිලවශයෙන් බාර ගැනීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ලබන 5 වැනිදා පස්වරු කොළඹ වරායේ දී සිදු කෙරේ.

Related posts

මහ රෑ වැදුණු මෝටර් රියේ රියදුරු බීමතින්! පිටුපස දේශපාලන ප්‍රබලයෙක්? කැබියෙන් හමුවුණු අවිය කාගේද?

colombotoday

රනිල්ගේ නායකත්වය තවත් වසරකින් දිගු වෙයි…

colombotoday

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

Admin

විශ්වවිද්‍යාල කලා උපාධි පාඨමාලා රැසක් යාවත්කාලීන කිරීමේ තීරණයක්

Admin

ලොකුම හෙරොයින් තොගය ගෙනා මහමොළකරුවන් හෙලිවෙයි…

colombotoday

ලාංකික නාවිකයන් 9ක් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ

colombotoday