Colombo Today Local News

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත්කිරීම හෝ නව ලේකම්වරයකු පත්කරගැනීම සම්බන්ධයෙන් තමන්ට කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව සහ පූර්ව ආදර්ශ පරිදි ඒ සම්බන්ධයෙන් විධායක සභාව හෝ සන්ධානගත පක්ෂ දැනුවත් කළ යුතු බවත් එම පක්ෂ කියයි.

මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස ජයවර්ධන, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්දා , ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, දේශවිමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. කලංසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

Related posts

සීනි මිල අඩු නොවීමට හේතු වුනේ සීනි ආනයනයේදී ක්‍රියාත්මක වූ වෙළෙඳ මාෆියාව – දයාසිරි ජයසේකර

colombotoday

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

Admin

කොරෝනා වෛරසය මර්ධනය කිරීමට සහයෝගය දෙන්න – හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

දුම්රිය අනතුරෙන් මිය ගිය ඉඳුවරට ලක්ෂ 5ක වන්දියක්

Admin

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

Admin

ලංගම බස් සීමාවන් යටතේ මගී ප්‍රවාහනය අරඹයි

colombotoday