Colombo Today Local News

රෙජිනෝල්ඩ් විග්නේශ්වරන් සමග එක්වී ජාතික ගීය දෙමළෙන් ගයා වැඩ අල්ලයි

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යය විග්නේශ්වරන් මහතා එක්ව සිංහල බසින් සහ දෙමළ බසින් ජාතික ගීය ගායනා කළ බව වාර්තා වේ.

ඒ ඊයේ (19) උදෑසන නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා යාපනයේ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී වැඩ භාරගත් අවස්ථාවේදී ය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා විසින් උතුරේ නව ආණ්ඩුකාරවරයා පිළිගත් අතර එම අවස්ථාවට සියලුම ආගමික නායකයින් ද දේශපාලන නායකයින් ද රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් උතුරු පළාත් අමාත්‍යය විග්නේශ්වරන් මහතා කියාසිටියේ නව ආණ්ඩුකාරවරයා දෙමළ භාෂාව ද කතාකිරීමට හැකි පුද්ගලයෙකු නිසා ඉන් ජනතාවගේ සහයෝගය හා සහජීවනය වර්ධනය වනු ඇති බවයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

Related posts

සිවිල් ආරක්ෂක සේවයේ 400කගේ විශ්‍රාම වැටුප් ගෙවා නෑ

colombotoday

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

සියලුම බලපත්‍රලාභී බැංකු අද සහ හෙට විවෘතයි..

colombotoday

⭕⭕⭕Breaking News⭕⭕⭕ මහින්දානන්දට සිර දඬුවම්!

Admin

“ගම්මන්පිල හිරකරේ චම්පිකගෙ උවමනාවට.. චම්පික ඉන්නේ වෛරයෙන්” වාසු

colombotoday

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday