තමන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිමෙන් මූලික අයිතිවාසිමක් කඩවී ඇතැයි සඳහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
දැනට රැඳවුම් බාරයේ සිටින වසන්ත මුදලිගේ මහතා මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් කරාපිටිය ශික්ෂණ රෝහලට ඉදිරිපත් කර අධිකරණ වෛද්‍යවාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර ඇත.