Colombo Today Local News

“වසන්ත මුදලිගේ ව ඝාතනය කරලා කියයි පැනලා යන්න හැදුවා වෙඩිතිබ්බා කියලා.”

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නිදහස් කිරීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කලා.

අද (05)දින පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්, සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ඔවුන්ට විරුද්ධව චෝදනා ඇත්නම් සාමාන්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙසය.

“වසන්ත මුදලිගේ, ගල්ගම සිරිධම්ම හිමි, හෂාන්ත ගුණතිලක මේ තුන්දෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග යටතේ තංගල්ලේ සිරගත කරලා තියෙනවා. දැනට දින 48කට වැඩියි, අග්‍රාමාත්‍යතුමනි මොකද්ද මේ අය කරපු වරද? අපිට අහන්න ලැබෙනවා වසන්ත මුදලිගේව රෑට රෑට මල්වාන, කලවාන, නවගමුව යන ප්‍රදේශවලට ගෙනිහින් මම දන්නේ නෑ මොනවද කරන්නේ කියලා. ඇයි මේක දවල්ට කරන්නේ නැත්තේ. අවසානයේ මොනවා හරි සිද්ධියක් වෙලා හෝ සිද්ධියක් ඇති කරලා හෝ වසන්ත මුදලිගේ ව ඝාතනය කරලා කියයි, මෙන්න පැනලා යන්න හැදුවා වෙඩිතිබ්බා කියලා.”

Related posts

ඩෙවෝන් දිය ඇල්ලේ පහල ප්‍රදේශයේ තිබු කාන්තා මළසිරුරක් සොයා ගැනේ

colombotoday

අත්අඩංගුවට ගත් බොබ් මාලි ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

එක් දිනක් තුළ තේ පැළ ලක්ෂ 35ක් සිටුවීමට සැලසුම්..

Admin

ගම්මන්පිලගේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

Admin

ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දියාව සතුයි

colombotoday

රඹුක්කන OIC, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට සහ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරු..

colombotoday