Colombo Today Local News

කජීමා වත්තෙ ගින්න ගැන හොයන්න කමිටුවක්

මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි නිවාස පෙළ හදිසියේම ගිනි ගැනීම සම්බන්ධයෙන් සෙවීමට කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28)දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම වතු නිවාස පෙල නිරන්තරයෙන්ම ගිනි ගැනීමට ලක්වන බවත් ගතවූ වසර එකහමාරක කාලයේදී තුන්වරක් එම නිවාස ගිනි ගැනීමට ලක්ව තිබෙන බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ.

කජීමා වත්තේ පදිංචි වී සිටින අයගෙන් ගෙවල් අත්‍යාවශ්‍ය අය හඳුනා ගත යුතු යැයිද ඇතැම් විට බදුල්ලේ අයත් එහි පදිංචි වී සිටින අතර ඔවුන්ට ඒ ප්‍රදේශවලින් නිවාස ලබා දිය යුතු යැයිද අමාත්‍යවරයා සදහන් කර ඇත.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී අද (28)දින රැස්වීය.

Related posts

යනකොට අනුන්ගේ ඇඳුම් අරගෙන යන්න එපා- රනිල්ගෙන් ඉල්ලීමක්

colombotoday

“දිගින් දිගටම බලයේ හිටියොත් රජයට බහුතරය අහිමිවෙයි”

colombotoday

ධීවර කැබිනට් ඇමති සහ රාජ්‍ය ඇමති එළිපිට ගැටෙයි.. “වෙදආරච්චිව සත පහකට විශ්වාස නෑ” – මහින්ද කියයි

colombotoday

චාරයක් නැති තෙවරප්පෙරුම වැනි ඇමැතිලාගේ බුද්ධි මට්ටම පිළිබඳ රටක් ලෙස අප ලැජ්ජා විය යුතුයි.

colombotoday

ප්‍රහාරයෙන් දින ගණනාවකට පසු අද ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂා කෙරේ

colombotoday

නෙළුම් කුළුණ හදන හැටි බලන්න ජනපති යයි (Photo)

colombotoday