Colombo Today Local News

මහින්ද කියන්නේ පක්ෂය හූරගෙනම ගිය කලවැද්දෙක්.. ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් තියන්නත් පුළුවන් – SB

mahinda sbහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හූරා ගෙන ගිය කලවැද්දෙක් බව සමාජ සුභසධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප සභාපති ධූරය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දුන්නේ සිරිලිය ගිණුම හා ශිරන්ති රාජපක්ෂ මහත්මියත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සම්බන්ධවුණු ප්‍රශ්නයක් හේතුවෙන් ඔවුන් එයින් බේරා ගැනීම සදහා බවද අමාත්‍යවරයා පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ හේතුව නිසා මහින්ද රාජපක්ෂට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවද ඔහු සදහන් කලා.

පක්‍ෂය තුළ සිටිමින් ශ්‍රීලනිපය දෙකඩ කර වෙනම පක්‍ෂ සෑදීමට වෙර දරන සියලුම සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් , ඔහු වැඩිදුරටත් සදහන් කලා.

Related posts

ආරුගම්බේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

ජනපති ගෙදර යයි.. දුමින්ද අතුරුදන්.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු හැදිල්ල හබක් !!

colombotoday

“එකොළොස් වෙනිදා එජාප ප්‍රබලයෙකු සමග තවත් කණ්ඩායමක් පොහොට්ටුව එක්ක එකතුවෙනවා”

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදය සුළු කොට තකන්න එපා.. WHO අනතුරු අඟවයි

colombotoday

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday