Colombo Today Local News

පුංචි ඡන්දය ලබන මාර් තුවේ – මැතිවරණ කොමිසම කියයි

පළාත් පාලන මැතිවරණය ලබන මාර් තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා ඒවායේ කාලය දික් කරනු ලැබීය.

මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇති බවද නීතිඥ පුංචිහේවා මහතා කීය.

ඡන්ද හිමි නාම ලේඛන ඔක්තෝම්බර් 31 වන දිනෙන් සහතික කරනු ලබන නිසා ඉන්පසුව දිනකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ඔහු සදහන් කළේය.

ගිය වර පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 5ක මුදලක් වැය වූ අතර මෙවර එම මුදල මිලියන අටත් දහයත් අතර වනු ඇතැයි විශ්වාස කෙරේ.

Related posts

කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයි

Admin

Etisalat බංකොලොත් වෙයි.. අසාධාරණ ලෙස සේවකයන් නෙරපයි !

colombotoday

සීතාවකටත් කෞතුකාගාරයක්සීතාවකටත් කෞතුකාගාරයක්

Admin

බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයේදී මාධ්‍යට කී කතාව (Video)

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් අධිකරණය හමුවට

colombotoday

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

colombotoday