Colombo Today Local News

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (අගෝ. 11) තායිලන්තය බලා යාමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ, රාජපක්ෂ මහතා තාවකාලිව එරට රැඳී සිටීමේ අපේක්ෂාවෙන් එහි යනු ඇති බව ය.

ඒ අනුව, ඔහු සිංගප්පූරුවෙන් පිටත්ව හෙට තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර තායි රජයේ ප්‍රකාශිකා රචඩා තනාදිරෙක් රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, මේ පිළිබඳව “කිසිදු අදහසක් නැත” යනුවෙනි.

ශ්‍රී ලංකාව හැර යාමෙන් පසු හිටපු ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් හෝ අදහස් දැක්වීමක් කර නොමැති අතර සිංගප්පූරු රජය ප්‍රකාශ කර ඇත්තේ, ඔහුට කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබා නොදුන් බව ය.

රාජපක්ෂ මහතා ජූලි 14 දා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබිණි.

Related posts

රජයේ අත්‍යවශ්‍ය සේවා ආයතන වලට හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Admin

උප්පැන්න සහතිකයේ අංකයට ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීම අද සිට

colombotoday

ඉන්දියානු ගිලන් රථ සේවය පළමු පියවර තබයි.. අපි දිනුවා කියා ඇමති හර්ෂ හඩාවැටෙයි !

colombotoday

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද

colombotoday

සනත් නිශාන්තට සිතාසි

colombotoday

ඇල්ලේ ගුණවංශ හිමි වරාය වෘත්තීය සමිති සමග ආණ්ඩුවට එරෙහි විරෝධතාවට එක්වේ.. විරෝධතාකරුවනට කළු පටි බදිති

colombotoday