Colombo Today Local News

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කර පොදු සමා කාලයක් ගැන කතා කරන්න ඕමල්පේ හිමි ජනපති හමුවට

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කර පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසා දෙන බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොරොන්දු වී යැයි මහජන සභාවේ සම සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රධාන පුවත් පතකට පවසා තිබේ.

මහජන සභාවේ නියෝජිත පිරිසක් අධිකරණ අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන බව ත් වහා ම ජනාධිපතිවරයා හමු වී ඒ සඳහා වේලාව වෙන්කර ගන්නා බවත් අමාත්‍යවරයා කීවේ යැයි ද සෝභිත හිමියෝ ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා හමුවීමට ජාතික සභාවේ නියෝජිතයන් සමග නීතිඥ සංගමයේ නියෝජිතයන් ද කැටුව යාමට බලාපොරොත්තු වන බව ද උන්වහන්සේ සදහන් කර ඇත.

දිගින් දිගට ම අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි වන බව ඊයේ (අගෝ. 4)දින පැවැති සාකච්ඡාවේදී පෙන්වා දුන් බව ද සෝභිත හිමියෝ ප්‍රකාශ කර තිබේ.

රට වෙනුවෙන් කතා කළ පිරිස් අත්අඩංගුවට පත්වෙමින් සිටින බව පෙන්වා දුන් බව ත්, එම කතා බහ ජනාධිපතිවරයා සමඟ කරන්නට අවස්ථාව ලබා දෙන බව ඇමතිවරයා පොරොන්දු වූ බව ද උන්වහන්සේ පවසා ඇති අතර ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සමග විටියල කවිධජ හිමියන් ඇතුළු පිරිසක් අමාත්‍යවරයා සමග සාකච්ඡාවට සහභාගි වී ඇත.

Related posts

රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා හදිසියේ රෝහල්ගත කෙරේ

colombotoday

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

Admin

නවක හෙද හෙදියන් 2,519කට අගමැතිගෙන් පත්වීම්

Admin

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

colombotoday

“පොරොන්දු අකුරටම ඉටු කරනු“ ජිනීවා යෝජනාව ගැන ඩයස්පොරාව, TNA ප්‍රීතියෙන් පිනා යයි !

colombotoday

ප්‍රධාන රෝහල් ළඟ බෞද්ධ කාන්තාවන්ට පමණක් නොමිළේ කෑම දෙන මේ අය කවුද?

colombotoday