Colombo Today Local News

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ යළි අනිවාර්ය කිරීමට සාකච්ඡා

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ යළි අනිවාර්ය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (25)දින පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් එය පැවැත්වෙයි.

නව කොවිඩ් ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් මුව ආවරණ යළි අනිවාර්ය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණි.

හිටපු සෞඛ්‍ය ඇමැති චන්න ජයසුමන විසින් කොවිඩ් තත්ත්වය සාමාන්‍ය වීමත් සමග මුව ආවරණ අනිවාර්ය කර තිබූ නියෝගය අවලංගු කරන ලදී.

Related posts

සජබෙට එරෙහිව දැමූ පෙත්සම ඩයනා ඉල්ලා අස්කර ගනී

Admin

සම්බුදු උපත සැපතකි

colombotoday

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

colombotoday

“නත්තල් සමරන්න ජනතාවට ආර්ථික තත්වයක් නැහැ”

colombotoday

යාපනය ශ්‍රී නාග විහාරයේ බුදුපිළිම වහන්සේට ගල් ගසයි

colombotoday

කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමට පොලිසියට තදින් ඉන්න නියෝග

Admin