Colombo Today Local News

නීතිඥ නාගානන්ද ගොනු කල රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය අද (19)දින ඉවත දැමීය.

මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබුණේ, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසිනි.

මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම, ඡන්දය භාවිත කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයකි.

ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්ව යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා හා වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළේ ය.

Related posts

ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නෑ- ඩලස්

colombotoday

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin

ජනපති අද එන ‘සරල උත්සවයට’ වියදම තුන් කෝටි අසූලක්ෂයයි.. අනුමත බිල්පත මෙන්න !

colombotoday

සංචාරය නිමකර ජනපති එයි

Admin

ඩොලරය අදත් ඉහළ යයි

Admin

“ඥානසාර හිමි කුමන්ත්‍රණයකින් හිරකළා” බොදු බලෙන් බුරුම රජයට ලිපියක්

colombotoday