Colombo Today Local News

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් අද(22) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.

රේගුව සම්බන්ධයෙන් එල්ල වන විවිධ චෝදනා හා සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතාවයන් පිළිබඳ විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම සඳහා 2021 පෙබරවාරි මස 24 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සය පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරනු ලැබීය.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුල මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ වර්තමාන මුදල් ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ඩයස් යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයෝ වූහ.

රේගු නිලධාරීන්, රේගු වෘත්තීය සමිති, රජයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්, සේවාලාභීන් ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් කොමිසම වසරකට ආසන්න කාලයක් තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව නිර්දේශ 117කින් හා පිටු 530කින් සමන්විත අවසන් වාර්තාව සකස් කර තිබේ.

වගකීම් ඉටු කිරීමේ දී ශ්‍රී ලංකා රේගුවෙහි ආයතනික, පරිපාලනමය සහ මෙහෙයුම් ක්‍රියාවලිය ඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අදාළ නිර්දේශ වාර්තාවේ ඇතුළත් වේ.

Related posts

කොරෝනා නීති කඩ කළ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල්ට නඩු

colombotoday

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් ගේන්න කැබිනට් අනුමැතිය

colombotoday

දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

23 සඳුදා සිට පාසල් යලි ඇරඹේ

colombotoday

20 ගේනවානම් මහා සංඝරත්නයේ අනුමැතිය රැගෙන ගේන්න.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්

colombotoday

2021 දක්වා, අවුරුදු හයම ඉන්න පුලුවන්දැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි…

colombotoday