Colombo Today Local News

ලංකාවට උදව් කරන්න ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ එකඟතාවක්

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී තිබේ.

පසුගිය දා ටෝකියෝ නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ජපාන රජය ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මැයි 24 වන දින පැවති Quad සමුළුවට සමගාමීව හමු වූ අවස්ථාවේදී ඔවුන් මෙලෙස එකඟතාව පළ කර ඇත.

එහිදී ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාවට අමතරව නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමේ උත්සහයන් ප්‍රවර්ධනය කිරීම සඳහා “සමීප සහයෝගීතාව” පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ඊට අමතරව, ආරක්ෂක, පිරිසිදු බලශක්ති සහ ආයෝජන ද සිදු කිරීමට එහිදී සාකච්ඡා වී තිබේ.

එම හමුවෙන් පසුව, ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ, දෙරට නායකයින් “ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර වත්මන් ආර්ථික අර්බුදය සහ රටේ මානුෂීය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන බවට තහවුරු කළ බව ය.

තව ද ඔවුන් ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙන රාමුවක් බවට සංවර්ධනය කිරීම සඳහා එකට වැඩ කිරීමේ අදහස් බෙදා ගත් බව එම අමාත්‍යංශය සඳහන් කර ඇත.

Related posts

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

colombotoday

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

Admin

මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියාව සමග සාකච්ඡා කරනවා….

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 7ක්

colombotoday

සජිත් – මෛත්‍රී රහස් හමුවක් !

colombotoday

බදුර්දීන්ගේ නිවසේ ගිනිගෙන මියගිය දැරිය ගැන රහස් රැසක් එලියට

colombotoday