Colombo Today Local News

උද්ධමනය 40% ඉක්මවීමේ අවධානමක. මහ බැංකුව පසුගිය සති දෙකේදී බිලියන 104ක් අච්චු ගහලා

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සති දෙකක කාලයේදී පමණක් තවත් රුපියල් බිලියන 104ක මුදලක් මුද්‍රණය කර ඇතැයි නිල වාර්තා අනාවරණය කරයි.

මැයි 11 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා වූ කාලය ඇතුළත මහ බැංකුව විසින් මෙම මුදල් ප්‍රමාණය මුද්‍රණය කර ඇත්තේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් ට්‍රිලියනයක මුදලක් මුද්‍රණය කිරීමට සිදුවන බවට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති පසුබිමකය. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් අගමැතිවරයා පෙන්වා දී තිබුණේ ඉදිරි මාසවලදී රටේ උද්ධමනය 40% ඉක්මවිය හැකි බවයි.

මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරන ලද්දේ රජය විසින් බදු වැඩිකිරීමක් සිදු නොකළ හොත් රජයේ වියදම් සඳහා මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බවයි. පසුගිය දෙසතියේ වැඩිම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත්තේ මැයි 20 වැනිදාය. එය ආචාර්ය වීරසිංහ මහ බැංකු අධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එක් දිනයකදී මුද්‍රණය කරන ලද වැඩිම මුදල් ප්‍රමාණය වේ. එම අගය රුපියල් බිලියන 85.3කි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වසරේ මේ දක්වා ගතවූ කාලයේදී රුපියල් බිලියන 572ක් මුද්‍රණය කර ඇත. 2021 වර්ෂයේදී මුද්‍රණය කර ඇති සම්මත මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.2ක් වන අතර 2020 දී එම අගය රුපියල් බිලියන 650කි.

Related posts

මහරගම අපේක්ෂා රෝහලේ පිලිකා සුව කරන RFA යන්ත්‍රය අක්‍රීයයි. පෞද්ගලික රෝහල් මේ පිටුපස සිටින්නේ දැයි සැකයක්

colombotoday

මේජර් ජෙනරාල්වරු 06ක් ඇතුළු හමුදාවේ 25ක් පිටරටදී අත්අඩංගුවට ගන්නැයි සූකා කියයි

colombotoday

වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමට අවධානය

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ තත්ත්වය නිරීක්ෂනය අදත්

Admin

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 140 ක් නිරෝධායනයට

colombotoday