Colombo Today Local News

“සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් මාස තුනකට සිමෙන්ති වැඩ නවත්වන්න”

සිමෙන්ති ආනයනකරුවන් සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීමක් ලෙස පෞද්ගලිකව ක්‍රියාත්මක කරන ඉදිකිරීම් මාස තුනකට තාවකාලිකව අත්හිටුව ලෙස ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අප්‍රේල් මස මුල සිට රට තුළ ඉදිකිරීම් ව්‍යාපෘති 5000 ක පමණ ක්‍රියාත්මකව තිබුණ ද මේ වන විට එම සියලුම ව්‍යාපෘති අත්හිටුවා ඇති බව කී සුසන්ත ලියනාරච්චි මහතා සිමෙන්ති ආනයනකරුවන් මාස කීපයක් තුළ සිමෙන්ති මිල සියයට 120 කින් ඉහළ දමා ඇති බව ද සඳහන් කරයි.

සිමෙන්ති මිල ඉහළ යෑමේ ගැටලුවට රජය සාධනීය පිළිතුරක් දෙනු ඇතැයි විශ්වාස කළ ද එවැනි පිළිතුරක් නොලැබුණු බවත් එය ප්‍රයෝජනයට ගනිමින් සිමෙන්ති ආනයනකරුවන් අඛණ්ඩව මිල ඉහළ දමමින් සිටින බවත් ලියනාරච්චි මහතා කියයි.

රජය සහ ජනතාව ව්‍යාපෘති අත්හිටුව හොත් ආනයනකරුවන්ට සිමෙන්ති අළෙවිකිරීමට නොහැකිව මිල පහළ දැමීමට සිදුවන බව සුසන්ත ලියනාරච්චි මහතා වැඩි දුරටත් කියයි.

Related posts

බොරු අතේ මාට්ටු.. “ඇඹිලිපිටිය ASPට ඇමතුම් දුන්නේ පොලීසියමයි” – නි.ඇමති සාගල

colombotoday

ට්‍රම්ප්ගේ බදු ගැන කතාකරන්න සර්ව පාක්ෂික සමුළුවක්!

colombotoday

රුවන්වැල්ලේ ගංවතුරට කොටුවූ පිරිසක් මුදා ගනී

colombotoday

සති එකහමාරක නිවාඩුවක් ලැබෙන පාසල් මෙන්න

Admin

අරිසිමලේ පන්සලට ගහනකොට කෝ තොපේ එකම ලේ…!

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හෙළි කරගත් තවත් අයිස් කිලෝ 2ක් වත්තලදී අල්ලයි

colombotoday