Colombo Today Local News

සති එකහමාරක නිවාඩුවක් ලැබෙන පාසල් මෙන්න

2024 ජනාධිපතිවරණය නිමිත්තෙන් බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල මහතා සඳහන් කළා.

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා තෝරා ගත් බදුල්ල මාධ්‍ය මහ විදුහල, සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහලට මේ මස 13 සිට 24 දින දක්වාත්, ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි කටයුතු සදහා පැමිනෙන පොලිස් නිලධාරීන්ට සහ අනෙකුන් නිළධාරින්ට නවාතැන් පහසුකම් ලබා දීම සදහා තෝරා ගත් බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල සදහා 19,20 දෙදින නිවාඩු ලබා දෙන අතර, ,ජනාධිපතිවරණය සදහා ජන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සදහා 20 වනදින නිවාඩු ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළා.

ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වැඩිදුරටත් කියා සිටියේ,බදුල්ල මාධ්‍ය මහ විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහල හැර දිස්ත්‍රික්කයේ සෙසු පාසල් ලබන 23 වන දින යලි ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් ,බදුල්ල මධ්‍ය මහ විදුහල සහ විශාඛා උසස් බාළිකා විදුහල ලබන 24 වන දින ආරම්භ කිරීමට නියමිත බවයි.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Admin

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

“අනේ අයියේ මේක කාපං කිව්වම එකත් අපිට දික්කරනවා.. සලකනව මදි බං උඹලට” මිහිපිට දෙවිවරු වෙනුවෙන් තැබූ සංවේදී ෆේස්බුක් සටහන

colombotoday

ගාල්ල, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැදවයි…

colombotoday

“දූෂණ, වංචා පරීක්ෂණ පක්ෂග්‍රාහීයි“ – ජනපතිගෙන් නැවතත් ප්‍රහාරයක් !

colombotoday