Colombo Today Local News

ගෑස් හා ඉන්ධන ඉල්ලා නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගය කොටගල නගරයෙන් හරස් කරමින් විරෝධතාවයක

ගෑස් හා ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් නුවරඑළිය- හැටන් ප්‍රධාන මාර්ගය කොටගල නගරයෙන් හරස් කරමින් වතු කම්කරුවන් ඇතුළු ජනතාව විශාල පිරිසක් අද (19) විරෝධතාවයක නිරතවුහ.

ගෑස් සිලින්ඩර් මාර්ගය හරහා තබා මාර්ගය හරස් කරමින් ජනතාව මෙසේ ගෑස් හා ඉන්ධන ඉල්ලා විරෝධතාවයේ නිරතව සිටියදී එම ස්ථානයෙන් ගෑස් සිලින්ඩර් ප්‍රවාහන ලොරි රථයක් නුවරඑළියට ගෑස් ලබාදීම සදහා යාමට පැමිණීමත් සමග විරෝධතාකරුවන් එම ලොරි රථය වටකරමින් නවතා කෑගසමින් ගෑස් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමත් සමග දැඩි නොසන්සුන්තාවයක් ඇතිවාය.

ජනාධිපතිවරයාට හා රජයට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් ජනතාව මෙසේ විරෝධතාවයේ නිතරව සිටි අතර පසුව දිඹුලපතන පොලීසියේ ස්ථාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පැමිණි එම ස්ථානයේ තිබු ගෑස් ලොරියෙන් ගෑස් සිලින්ඩර් 60 ක පමණ ප්‍රමාණයක් කොටගල නගරය හා ඒ අවට ජනතාවට බෙදාදීමට පියවර ගන්නා ලදි.

පැය තුනකට අධික කාලයක් මාර්ගය අවහිර කරමින් පැවැති විරෝධතාවය ඉන් අනතුරුව අවසන් කරන ලද අතර මේ හේතුවෙන් නුවරඑළිය- හැටන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී පැවැතිණි.

කොටගල ඉන්ධනහලින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි රථ වාහනද එම ස්ථානයේ මාර්ගය දෙපස නවතා තිබු අතර, එම රථවාහනවල පැමිණි පිරිස් හා රියදුරන්ද මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

ක්‍රිෂාන්තන්

Related posts

කාදිනල් තුමාට අපහාස කරමින් ආගම් අතර වෛරය ඇතිකරන ප්‍රකාශ කල කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

අගමැති කොතරම් පාරම්බෑවත් “ඉට්කා” අත්සන් කරන්න ඉඩ දෙන්නෑ – ලාල් කාන්ත

colombotoday

ආර්ථික අර්බුදය විසදන්න අගමැතිට බැහැලු – ධම්මික රනිල්ට යන්න කියයි

colombotoday

ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් තනතුර ජගත් වැල්ලවත්ත ට ?

colombotoday

ජනාධිපති වූ පසු අමාත්‍යංශ සියල්ලම මගේ යටතට ගන්නවා

Admin

“පිරිසක් රට අස්ථාවර කර බලයට එන්න හදනවා. මොනව කළත් යහපාලනය පෙරළනව බොරු” – ඇමති සුජීව

colombotoday