Colombo Today Local News

ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද මෙරට දෙවැනි නැනෝ චන්ද්‍රිකාව ඊයේ (24) පස්වරු 5.20ට පමණ කක්ෂගත කළ බව එම මධ්‍යස්ථානය පවසයි.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර ආයතන 5 ක් ඒකාබද්ධ වී නිර්මාණය කර ඇති කිට්සුනේ ලෙස නම් කර ඇති මෙම නැනෝ චන්ද්‍රිකාවේ ඉංජිනේරු තාක්ෂණික දායකත්වය ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් විසින් ලබා දී ඇත.

කිට්සුනේ උසින් සෙන්ටිමීටර 30 ක් ද,පළලින් සෙන්ටිමීටර 20 ක් ද ,ඝනකමින් සෙන්ටිමීටර 10 ක් ද වේ.

කිට්සුනේ පෙබරවාරි 18 වෙනි දින සිග්නස් 17 රොකොට්ටුවේ නැගී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ඇරඹීය.ඊයේ දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි 400 km දුරින් පිහිටි කක්ෂය වෙත මුදා හැරීම සිදු වූ අතර මෙම අවස්ථාවේ නැරඹුම් සැසියක් නිපුණතා සංවර්ධන,වෘත්තිය අධ්‍යාපන,පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

Related posts

සමගි ජන බලවේගයේ කිසිවෙක් ඩීල් දැමීමට සුදානමක් නෑ- හැරිසන්

colombotoday

දියවන්නා ඔයෙන් නාඳුනන මළ සිරුරක්

colombotoday

ලංකා සතොස වාහන අවභාවත කිරීම | රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අත්අඩංගුවට

colombotoday

දේපළ බලාකියා ගන්න එංගලන්තයේ සිට ආ කාන්තාවක් අතුරුදන්

colombotoday

ජනපතිගේ අමාත්‍යාංශයට එරෙහිව බුද්ධික FCIDයයි

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday