Colombo Today Local News

දොස්තරගේ මෝටර් රථයට යට වී 20හැවරිදි තරුණයෙක් මරුට. මාස 4ක බිළිදුන් දෙදෙනෙකුත් රෝහලේ

මහනුවර රන්දෙණිගල රජ මාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේදී අද (22)දින මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයෙකු පැදවූ කාර් රථයක් යතුරුපැදියක හා ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර යතුරු පැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක හා ත්‍රි රෝද රථයේ ගමන්ගත් මව පියා හා මාස හතරක් වයසැති බිළිදුන් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බව තලාතුඔය පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ බිළිදුන් දෙදෙනා මාස හතරක් වයසැති නිවුන් සහෝදරයින් දෙදෙනෙකු වේ. මොවුන් වත්තගෙම සිට හගුරන්කෙත ප්‍රදේශයේ තම බිරියගේ නිවසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ කොළඹිස්ස නවනැලිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් මධුෂංක ගුණසිංහ (20) නැමැති ඇගලුම් සේවකයෙකි. ඔහු සමග පසුපස ගමන් ගත් කාන්තාව ද ඇගලුම් කම්හලක සේවයේ නියුතු අය බව පොලිසිය පවසයි.

මිය ගිය අයගේ මෘත ශරීරය මහනුවර මහරෝහලේ මෘත ශරීරාගාරයේ ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (23) දින සිදුකිරීමට නියමිතය.

කාර් රථය පැදවූ වෛද්‍යවරයා මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුද තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝකිල ආරියදාස මහතාගේ උපදෙස් මත තලාතුඔය පොලීසියේ නිලධාරිහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

Related posts

ඉන්ධන මිල වැඩිකිරීමට යෝජනා කරලා..

colombotoday

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday

දිස්ත්‍රික්ක 8 කට නායයෑමේ අනතුරු ඇඟවීම්… කැලණි ගඟ සුළු ගංවතුර මට්ටමේ…

colombotoday

ලොක බැංකුවෙන් ලංකාව ගැන පුරෝකථනයක්

Admin

සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

Admin

“ප්‍රභාකරන්ට බැරි වූ දේ කරන්න අපි අඛණ්ඩව උත්සහා කරනවා“ – TNA උතුරේදී කියයි

colombotoday