Colombo Today Local News

කෝටියකට අධික වටිනා කුෂ් ගංජා මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

රුපියල් කෝටියකට අධික (රුපියල් මිලියන 12) වටිනාකමින් යුත් ’කුෂ්‘ ගංජා ග්‍රෑම් 716 ක් බ්‍රිතාන්‍යයේ සිට එවන ලද පාර්සලයක තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද (9)දින අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැක පාර්සල් 13 ක් පරීක්‍ෂා කළ බවත් බ්‍රිතාන්‍යයේ සිට කොළඹ, ගම්පහ සහ කළුතර ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත ව්‍යාජ ලිපිනයන්ට එවා තිබූ එම පාර්සල් තුළ මෙම ගංජා තොගය තිබූ බවත් රේගුව කියයි.

රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ පරීක්ෂණ කටයුතු අවසානයේ එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිත බවත් රේගුව වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday

අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇත

Admin

ජර්මනියේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

colombotoday

TOP 10 ලයිස්තුවේ රවී ඉදිරියෙන්… බිලියන 10ක වංචාවක් ගැන චෝදනා !

colombotoday

මුහුණු ආවරණ නොපැලදී 238 ක් අත්අඩංගුවට

colombotoday

ISIS දැයි සැකයක්… බුබායි සිට ආ මුස්ලිම් පවුලක් පිටුවහල් කරයි

colombotoday