ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක වූ බව කියන වකුගඩු ජාවාරම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ඇති දියුණුව විනාශ කිරිමේ අරමුණින් ඉන්දිය පොලීසිය නිර්මාණය කරන ලද්දක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
ඉන්දිය පුවත්පත්වල පළ වූ වාර්තා පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ සියළුම ජන මාධ්‍යවල ප්‍රධාන පුවත බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින් ද හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
අද වන විට ශ්‍රි ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක තුළම වකුගඩු බද්ධය සාර්ථකව සිදු වන අතර ප්‍රමිතීන්ට අනුකූලව එම සැත්කම් සිදු වන බැවින් ශ්‍රි ලංකාව වකුගඩු අක්‍රියතාවයෙන් පෙළෙන රෝගීන්ගේ ආකර්ශනයට ලක්ව ඇති බව ඔහු සඳහන් කළේය.