Colombo Today Local News

හෙරොයින් කිලෝවක් සමග කතක් STF දැලේ

හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 64ක් සමග කාන්තාවක් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) සවස කොහුවල පොලිස් වසමේ රෝහල් පාර, කළුබෝවිල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී එම කාන්තාව හා හෙරොයින් තොගය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 40ක් වන එම ප්‍රදේශයේ ම පදිංචිකාරියකි.

සැකකාරියගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී වෙනත් ජාවාරම්කරුවෙකුගේ මත්ද්‍රව්‍ය මෙම සැකකාරිය හා ඇයගේ ස්වාමි පූරුෂයා විසින් බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවට අනාවරණය වී තිබේ.

සැකකාරිය අද (08)දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday

දේවදත්තට මහණ වෙන්න පුළුවන්න වුනානම් කරුණාටත් ඉතිහාසයෙන් ගැලවෙන්න පුළුවන්..

colombotoday

ඤාණසාර හිමි, විමල්, ගම්මන්පිල අපේ වැඩවලට බාධාවක්.. සිරගත කරනු – TNA මන්ත්‍රී ඉල්ලයි

colombotoday

මෙරටට පැමිණ සිටි අමෙරිකානුවෙක් බස් රථයක් තුළ මිය යයි

colombotoday

මුදාහැරීමට නියම කර ඇති අලි ඇතුන් 15කගේ ලියාපදිංචිය වළක්වාලමින් තහනම් නියෝගයක්

colombotoday

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සභාපති ජෙෆ්රි අලෝසියස් CID අත්අඩංගුවට

colombotoday