Colombo Today Local News

තලාවේ ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස්කරන ස්ථානයක් STF වටලයි

ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස්කරන ස්ථානයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකිවී තිබේ.

මෙම ජාවාරමේ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ පවත්වාගෙන එක් ස්ථානයක් පොලීසි විශේෂ කාර්ය බලකාය විසින් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ව්‍යාජ ලෙස සකස්කරන ලද තාවකාලින රියදුරු බලපත්‍ර 07ක් සහ ඒවා සැකසීමට යොදාගත් උපකරණ කිහිපයක් ද විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ.
සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී මෙම ජාවාරමේ තවත් මුලස්ථානයක තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එය බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට හෙළිව තිබේ.

අනතුරුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අදාල ස්ථානය ද වටලා ඇති අතර එහිදී ව්‍යජ ලෙස සැකසූ තාවකාලින රියදුරු බලපත්‍ර 06ක් ද සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

වෘතිය සමිතියක් ආරම්භ කලාට ස්වර්ණවාහිනී සේවකයන් 15 ක් රැකියාවෙන් දොට්ට

colombotoday

ලාල් කාන්තට ඇප

colombotoday

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday

යාපනයේ ජීව මෝටාර් උණ්ඩය පුපරවයි

colombotoday

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානයකි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

colombotoday