World

ගුවන්යානයක් කඩාවැටීමෙන් 9ක් මරුට

පෞද්ගලික ගුවන්යානයක් කඩාවැටීමෙන් 9 දෙනෙක් මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොමිනිකන් ජනරජයේ ලාස් අමෙරිකාස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවමින් තිබූ ගුවන්යානයක් ඒ ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ සියලුදෙනා මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් අතර කාර්ය මණ්ඩලයේ තිදෙනෙක්ද වෙයි.

මියගිය පිරිසෙන් 6 දෙනෙක් අමෙරිකානු ජාතිකයින්ය.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ප්‍රකට සංගීත නිෂ්පාදකයෙක් වන ජොසේ හර්නැන්ඩස්, ඔහුගේ බිරිඳ සහ දරුවාද එම අනතුරින් මියගොස් ඇති බවය.

ලතින් අමෙරිකාවේ සහ අමෙරිකාවේ ජනප්‍රිය ගීත කිහිපයක් ජොසේ හර්නැන්ඩස් විසින් නිර්මාණය කර තිබේ.

Related posts

ඉන්දියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් – රෝගීන් 13ක් මරුට

colombotoday

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි

colombotoday

ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි

Admin

හරක් හොරකමේ ගිය මුස්ලිම් දෙදෙනෙක් පොලුවලි පහර දී මරා දමයි

colombotoday

ඇමරිකාව කියන්නේ අමූලික බොරු, රුසියානු මිසයිල ඉරානයට වැටුණේ නැහැ – ඉරානය

colombotoday

අධිබලැති විදුලි රැහැන් කුළුණක ගුවන් යානයක් පැටලෙයි

Admin