Colombo Today Sports News

T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(06) අලුයම දිවයිනට පැමිණි‌යේ ය.
අද අලුයම 1.00 පමණ ඔවුන් මෙරටට ළඟා වූ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පවසයි..

මෙවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ සියලු තරග ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව සුපිරි 12 දෙනාගේ වටයට පිවිසියේය.

එම වටයේදී බංග්ලාදේශයට එරෙහිව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග විශිෂ්ට ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කෙසේ නමුත් සුපිරි 12 දෙනාගේ වටයේ සෙසු තරග පරාජය වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.

Related posts

හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5ක් වන්දි ඉල්ලයි

colombotoday

හතුරුසිංහ යන්න බෑ කියයි. ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිඥ සහය පතයි

colombotoday

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Admin

ආසියානු කුසලානය රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday

තවත් ලක් පුතෙක් සාග් මීටර් 200 රනින් සරසයි

colombotoday

වෙරළ වොලිබෝල් පාඨමාලාවකට අයැදුම්පත් කැඳවයි

colombotoday