Colombo Today Local News

ගැබ්ගෙල පිළිකා නසන එන්නතක්

ගැබ්ගෙල පිළිකා සියයට 90කින් වළක්වා ගත හැකි එන්නතක් හඳුන්වාදීමට එක්සත් රාජධානිය සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාවන් අතර සුලබව හඳුනාගන්නා ගැබ්ගෙල පිළිකා අවදානමෙන් මිනිස් ජීවිත දහස් ගණනක් ගලවා ගැනීමේ අවස්ථාවක් මෙම එන්නතින් උදාවන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මානව පැපිලෝමා වෛරසය එනම් HP වෛරසයට එරෙහිව ලබාදෙන එන්නත භාවිතයෙන් ගැබ්ගෙල පිළිකා වැලඳීමෙන් සියයට 90කින් ආරක්ෂාවක් හිමිවන බව එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

ගැබ්ගෙල පිළිකා සියල්ලම පාහේ වෛරස මඟින් ඇති වන අතර, එන්නත මඟින් රෝගය බොහෝදුරට තුරන් කළ හැකි බවට අපේක්ෂා කරන අතර ඉන් මානව ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කරන බව පර්යේෂකයින් පවසයි.

ගැබ්ගෙල පිළිකා හේතුවෙන් ලොවපුරා වාර්ෂිකව මරණ ලක්ෂ 3 ඉක්මවා වාර්තාවන අතර ලොව 4වැනියට සුලබ ම පිළිකාව ලෙස මෙය හඳුන්වනු ලැබේ.

එම පිළිකාව හඳුනාගැනීමේ ක්‍රමවේද ඉතා අවම දිළිඳු හා මධ්‍යම ආදායම් රටවල, ගැබ්ගෙල පිළිකා වැලඳෙන සෑම 10දෙනෙකුගෙන් නවදෙනෙකුම ඉන් මියයන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Related posts

යාපනේ කොවිල් පෙරහැරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරයි…

colombotoday

ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්

Admin

ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පුද්ගලයින්ට වෙඩි තැබීමට ත්‍රිවිද හමුදාවට නියෝග

colombotoday

එජාප මහලේකම් පුටුව තලතාට

Admin

ගෝඨා දිවයිනට පැමිණෙයි

colombotoday

මන්නාරමේ පිපිරීමක්

colombotoday