Colombo Today Local News

කිලිනොච්චියෙන් කොටි බෝම්බ තොගයක් හමුවෙයි

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බල ප්‍රදේශයේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ යුද උපකරණ තොගයක් හමු වූ බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

අදාල යුද උපකරණ තොගය පිළිබඳ ප්‍රදේශවාසියෙකු විසින් ධර්මපුරම් පොලීසියට කරන ලද දැනුම් දීමකදී පොලීසිය විසින් ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දීමෙන් පසුව පුලියන්පොක්කනේයි කැලෑබද ප්‍රදේශයකදී දමා තිබූ අදාල යුද උපකරණ තොගය හමු වී තිබේ.

එහිදී ග්‍රෙනඩ් ලෝන්චර් නැමති බෝම්බ 11 ක් තිබී ඇති අතර යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් සඟවා පලායන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සැක පල කර සිටින අතරම සොයාගත් ග්‍ර‍ෙනඩ් ලෝන්චර් තොගය කිලිනොච්චිය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

Related posts

මැයි සිට ඇමති බන්දුලගෙන් තවත් සහන මල්ලක්

colombotoday

ගෝඨාභය අරලියගහ මැදුරේදී රනිල් හමුවේ…

colombotoday

ජනමතයට හිස නමා ඉල්ලා අස්වෙන්න – ජනාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

නැවත දැනුම් දෙන තෙක් විදුලි කප්පාදුව නවතියි

colombotoday

රනිල් අගමැතිකමෙන් ඉවත් නොකිරීම නිසා රටට වෙන දේට ජනපති වගකිව යුතුයි

colombotoday

“දෙමළ කාන්තාව තවමත් ලිංගිකව පීඩා විඳිනවා” – චන්ද්‍රිකා

colombotoday