හිටපු ජනපති සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාව ප්‍රථමයෙන් අත්අඩංගුවට ගැනීමට සුදානමින් සිටියත්, ඔහුට විරුද්ධව ප්‍රමාණවත් තරම් කරුණු ගොනුකර ගැනීමට අසමත්වීම හේතුවෙන් හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම අත්අඩංගුවට ගැනීම බොහෝ විට මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) මගින් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුවීමට නියමිතව තිබේ.