Colombo Today Local News

අවුරුදු තුනහමාරක දැරියක් කොරෝනා වෛරසයෙන් මිය යයි.

කොරෝනා ආසාදනය වී නිවසේ නිරෝධායනයට යොමුකර සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක් පසුගිය 04වනදා උදෑසන කරාපිටිය රෝහලට ඇතුළුකරන විට මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි දැරියකි.

දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය සිදුකළ ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ මෙම දැරිය ලියුකේමියා රෝගයෙන් පෙළෙමින් සිටි බව ද මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බවයි. මීට වසර දෙකකට පමණ පෙර ඇයට ලියුකේමියා රෝගය තිබෙන බව හඳුනාගෙන ඇති අතර ඉන් පසු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා තිබේ.

පසුව කරාපිටිය පිළිකා ඒකකයෙන් දිගටම සායනික ප්‍රතිකාර ලබාගෙන ඇති අතර දැනට දින කිහිපයකට පෙර රෝගාතුර වීම හේතුවෙන් කරාපිටිය පිළිකා ඒකකයට ඇතුළත් කර තිබිණි. එහි දී කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ එම දැරිය කොරෝනා ආසාදිත බවයි. අනතුරුව ඇය නිවසේ දී රැකබලාගන්නා ලෙස දැනුම් දී පිටත්කර යවා ඇත. දැරිය අසාධ්‍ය තත්වයට පත්වූ බැවින් නැවත කරාපිටිය රෝහලට ගෙනවිත් ඇති අතර වෛද්‍යවරු පවසන්නේ ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි.

මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මියගේ නිගමනය වූයේ ලියුකේමියා රෝගී තත්වය සමඟ කොරෝනා නිව්මෝනියාව ආසාදනය වීමෙන් දැරිය මියගොස් ඇති බවයි.

Related posts

පයාගල පොලිසියේ 10ක් ආහාර විෂ වී රෝහලට

Admin

ලක් හමුදා ඉතිහාසයේ මුල්වරට, එජා හමුදා නිරීක්ෂණයට කාන්තා නිලධාරිණියන් දෙදෙනෙකුට අවස්ථාව

colombotoday

සජිත්ගේ සන්ධානයට එරෙහිව රනිල් ‘අලියා‘ ලකුණින් මැතිවරණයට… අගමැති අපේක්ෂක කරු !

colombotoday

“මුස්ලිම් කඩ ගිනි තියන්නේ ඥාණසාර හිමි තමයි“ – රාජිතත් පුතු චතුරට දෙවෙනි නොවෙයි.. ඇසින් දුටු සාක්කි මෙන්න

colombotoday

නව දුන්හිඳ ඔඩිසි ධාවනයට එක් කරයි

Admin

ජනපති මහ බැංකු නිලධාරීන්ට දුන් පැය 24ක කාලයේදී සංචිත අනුපාත පහල දමයි.. වෙළදපලට සම්පූර්ණ වශයෙන් බිලියන150ක්

colombotoday