Colombo Today Local News

තිරිච්චි විශේෂ කදවුරක රදවා සිටින ලාංකික සරණාගතයන් 16ක් නිදහස ඉල්ලා වස බෝයි.. දෙදෙනෙකු බඩ කපා ගනී…

ඉන්දියාවේ තිරිච්චි විශේෂ කදවුරක රදවා සිටින ශ‍්‍රී ලංකාවේ දෙමළ සරණාගතයන් 71 දෙනකුගෙන් 26 දෙනකු වස පානය කොට සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම නිසා ඔවුන් තිරිච්චි රෝහල වෙත 21 දා ඇතුළත් කොට තිබේ.

මෙම කදවුරේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ රදවා ඇත්තේ ඉන්දියාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයෝය.

ඔවුන් මෙම විශේෂ රැදවුම් කදවුරෙන් නිදහස් කරන ලෙස ඉල්ලා මීට මාසයකට පමණ ඉහතදී දියත් කළ උපවාසයකින් පසුව තිරිච්චි විශේෂ කදවුරේ රදවා සිටි සරණාගතයන් 81 දෙනාගෙන් 10 දෙනකු නිදහස් කොට තිබේ.

ඉතිරි වී සිටින 71 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් මීට පෙර සරණාගතයන් දෙදෙනකු නිදි පෙති පානය කොට ඔවුන්ගේ උදර තුවාල කරගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සහ කළ අතර ඔවුන් දෙදෙනාද මේ වන විට තිරිච්චි රෝහලේ ප‍්‍රතිකාර ලබති.

වස පානය කොට මියයෑමට උත්සහ කළ සරණාගතයන් 16 දෙනාද එම රෝහලටම ඇතුළත් කොට ඇති අතර තිරිච්චි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

Related posts

එළ ගවයන් 21ක් මස්කල දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සජිත්ගේ අලි මන්තරේඅත්හදා බැලූ තරුණයින්ට වෙච්ච දේ

colombotoday

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්ම සංවිධානයෙන් ඉල්ලයි

colombotoday

විදෙස් රටවල් කිහිපයක පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගනී.

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට රන්ජන්ට අධිකරණය දුන් තීන්දුව

colombotoday