Colombo Today Local News

නංගිට ඉංග්‍රීසි බෑ – රිෂාඩ්ගේ නිවසේ මියගිය ඉෂාලිනිගේ සොහොයුරා පවසයි.

සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය තම සහෝදරියට තමන් දන්නා තරමින් ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව ඉෂාලිනිගේ සහෝදරයා පවසයි.
සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසයි.

අප කල විමසුමකට පිලිතුරු දෙමින් තිරුප්‍රසාද් කියා සිටියේ තම නැගණිය රැදි සිටි කාමරයේ ඉංග්‍රිසි භාෂාවෙන් තම මරණයට හේතුව යනුවෙන්ලියා තිබිම සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවයි.

තමන් දන්නා පරිදි යමක් බලාගෙන ලිවිමට හැකියාවක් නැගණියට තිබුණද ඉංග්‍රිසි අකුරු ගලපා යමක් ලිවිමට තම නැගණියට අධ්‍යාපන මට්ටමක් නොතිබුණු බවද තිරුප්‍රසාද් පවසයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

රනිල් ලඟට ගිය පොහොට්ටුවන් අනාථයි

Admin

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් වලට නව නියාමන රාමුව යටතේ විදේශ ණය ගැනීමට අවස්ථාව

colombotoday

“අනෙක් ජනවර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අපට නෑ. අපේ නායකයන්ටත් නෑ” – TNA

colombotoday

ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරයි

colombotoday

” අස්ස කුලප්පුවට අහුවෙන්න මම සුනම් නෑ “

colombotoday

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

colombotoday