Colombo Today Local News

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් වලට නව නියාමන රාමුව යටතේ විදේශ ණය ගැනීමට අවස්ථාව

මුළු වත්කම් වලින් සියයට 20ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා අවසර ලබාදී තිබේ.

මේ අනුව සමාගමේ සමස්ත ක්‍රියාකාරීත්වය මත පදනම්ව අදියර තුනක් යටතේ මුදල් ණයට ගැනීම සිදු කළ හැකි බව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා විදේශ මුදල් ණයට ගැනිම සඳහා මහ බැංකුව හඳුන්වාදුන් නව නියාමන රාමුවට අනුව අවස්ථාව හිමිවේ.

මේ අතර වත්කම් වලින් සියයට 10ක් දක්වා වන විදේශ මුදල් ණයට ගැනීමට මහ බැංකුවේ අනුමැතිය අවශ්‍ය නොවන බව සඳහන් අතර පූර්ව දැනුම්දීම ප්‍රමාණවත් බවත් මහ බැංකුව සඳහන් කරයි.

Related posts

දෙවන පාසල් වාරය අදින් අවසන්

Admin

යුද අපරාධ චෝදනා.. ඇමරිකාව ෆොන්සේකාවත් බ්ලැක් ලිස්ට් කරලා !

colombotoday

‘දෙවැනි සටන‘ 27 නුගේගොඩින් ඇරඹෙයි.. අළුත් මුහුණු කිහිපයක් වේදිකාවේ

colombotoday

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව හමුදා රැකවල් තවදුරටත්

Admin

රත්නපුරෙන් දමිතාට ටිපෙක්ස් පහර

Admin

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin