Colombo Today Local News

සුරූපිනියක ලෙස පෙනී සිටි හතලිහේ තිදරු මව තරුණයෙකුගෙන් ලක්ෂ 8ක් ගරාගෙන

වෙනත් තරුණියකගේ ඡායාරූපයකින් හා නමකින් බොරු වයසක්ද යොදාගනිමින් මුහුණු පොත ඔස්සේ දැන හඳුනාගත් පුද්ගලයකුගෙන් ලක්ෂ 8 කට වැඩි මුදලක් වංචා සහගතව ලබාගත් කාන්තාවක් කන්තලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් තිෂානි තේනබදු නියෝග කළේය.

දඹුල්ල ඇඹුල්අඹේ ප්‍රදේශයේ පදිංචි වයස අවු. 40 ක තිදරු මවක් මෙසේ බන්ධනාගාර ගත කෙරුණි.

මාතලේ ප්‍රදේශයේ ඉපැරණි වැදගත් වලව් නාමයකින් පෙනී සිට ඇති මෙම සැකකාරිය මුහුණුපොත ඔස්සේ වෙනත් සුරූපී තරුණියකගේ රූපයකින් පෙනී සිට ඇත්තේ වයස අවුරුදු තිහක තරුණියක ලෙසය. තවද ඇය මාතලේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක ලෙසට ද හඳුන්වා දී ඇත.

කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ අවුරුදු 32 ක අවිවාහක වෙළෙඳ ව්‍යාපාරික තරුණයකු මුහුණුපොත හරහා ඇය සමග මාස 4 ක පමණ කාලයක් පෙම් කර තිබේ.

Related posts

ඥානසාර හිමිට විරුද්ධව අද තවත් පැමිණිල්ලක් – ඉතා කාර්යක්ෂමව විභාගය හෙට

colombotoday

ශ්‍රීලනිපයත් පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින් එයි !

colombotoday

මැණික්හින්න පල්ලිය අසලදී වෙඩි වැදුණු තරුණයකු මහනුවර දැඩිසත්කාර ඒකකයට

colombotoday

හෙට රජයේ නිවාඩු නෑ

colombotoday

මහ ලේකම්ගේ වැඩ නිසා දකුණේ අයට ලැජ්ජාවක් !

colombotoday

මෙරටින් රැගෙන ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න යයි

Admin