Colombo Today Local News

වත්තල-මාබෝල නගර සභාවේ දේපල වලට අලාභහානි කර ලේකම්ගේ රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රි අල්ලයි

වත්තල-මාබෝල නගර සභාවේ දේපල වලට අලාභහානි සිදු කිරිම සහ වත්තල මාබෝල නගර සභාවේ ලේකම් ගීතානි දිල්රුක්ෂ ලොකුවැල්ල මහත්මිය ඇතුලු තවත් නිලධාරින් දෙදෙනකුගේ රාජකාරියට බාධා කළැයි කියන එම නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වත්තල-මාබෝල නගර සභාවේ ලේකම් ගීතානි දිල්රුක්ෂි ලොකුවැල්ල මහත්මිය කළ පැමිණිල්ලකට අනුව පරික්ෂණයකින් අනතුරුව අදාල නාගරික මන්ත්‍රි වරයා අත්අඩංගුවට ගෙන ඇත.

සූම් තාක්ෂණය ඔස්සේ ව්‍යාපෘති පිළිබඳව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකමි ජයන්ති විජේතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රගති සමාලෝචන රැස්විමකට සහභාගී වෙමින් සිටියදී සැකකාර මන්ත්‍රීවරයා පිටස්තර පුද්ගලයකු සමග පැමිණ ඔහුගේ වරිපනම් සමිබන්ධව යම් කිසි කාර්යයක් වහාම ඉටුකර දෙන්නයි ඉල්ලා සිටි අවස්ථාවේ තමා වැදගත් රාජකාරියක යෙදි සිටින හෙයින් ටික වෙලාවක් සිටින ලෙස ඉල්ලා ඇත.

මේ අවස්ථාවේ අධික ලෙස කෝපයට පත් මන්ත්‍රිවරයා තමාට තර්ජනය කරමින් තමාගේ බඩු බාහිරාදියට හානි කරමින් දැඩි ලෙස ආවේගශීලිව හැසිරිණු බව ද ලේකම්වරිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කාර්යාල කාර්ය සේවක මහතාත් තවත් නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනකුත් ඉදිරියට පැමිණ තමා බේරාගත් බව පොලිසිය කියයි.

මේ හේතුවෙන් සභාවට අයත් රුපියල් 2 ලක්ෂ 76000 ක පමණ දේපළවලට හානි සිදුව ඇතැයි ද ලේකම්වරිය කියයි.

Related posts

හමුදාවට අපහාස කළ මහඇමතිව නාවික කදවුරකට ගෙන්වාගනී.. සුපිරි සංග්‍රහයකුත් දෙයි

colombotoday

රනිල් පොරොන්දු වුන වැටුප් වැඩිකිරීම ගැන සමාලෝචනයක්

Admin

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

Admin

මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

colombotoday

ජාතික රෝහලේ කොවිඩ් මරණවලට හේතුව

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday