Colombo Today Local News

කෙරවලපිටිය බලාගාරයේ 40% ක් අමෙරිකානු සමාගමකට විකුණලා ඉවරයි

කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීමේ සූදානම පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද අදහස් පළ කළේය.

සුදානමක් නෙවෙයි, විකුණලා ඉවරයි කෙරවලපිටිය රජයට අයිති බලාගාරය සියයට 40 ක් අමෙරිකානු සමාගමකට විකුණා දැමුවා. ඒ විතරක් නෙවෙයි රටේ ගෑස් සැපයුම පිළිබඳව ස්භාවික ගෑස් සැපයුම පිළිබඳව ටෙන්ඩර් පත් 02ක් කැඳවලා තියෙද්දී අවුරුදු 05 කට ඒ සමාගමට ඒකාධිකාරයක් ලබා දුන්නා. ඉතින් ඒකට අපි තරයේ විරුද්ධයි අමෙරිකා එක්සත් ජනපදයේ වේවා වෙනත් ඕනේ රටක වේවා ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පටහැනි තනි මතයට එවැනි දෑ කිරීම ගැන විශේෂයෙන්ම බලශක්ති ඇමතිවරයා මුදල් ඇමතිවරයා රටට පිළිතුරු දෙන්න ඕනේ හැංගිලා ඉන්න බෑ මේක සම්පූර්ණයෙන්ම රටේ බලශක්ති ක්ෂේත්‍රය විදේශිකයන්ට පාවාදීමක්. ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ ගැන පැහැදිලි කිරීමක් ඔවුන් කරන්න ඕනේ.

Related posts

Update: රාත්‍රී 9 සිට උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය

colombotoday

කතානායක රූකඩයක්.. ඔහු හසුරුවන්නේ ජොන්ස්ටන් – ඒකාධිපති පාලනය ගැන සජබ මන්ත්‍රි චමින්ද විජේසිරි කියයි

colombotoday

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්න නිවා දැමේ..

Admin

දුම්රිය මැදිරියක් ගිනි ගනී

Admin

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 දා සලකා බලයි

colombotoday

ඇමරිකාවේ කිසිදු අධිකරණයකින් ගෝඨාට සිතාසි ලැබී නෑ

colombotoday