25 C
Colombo
6 April 2025
Colombo Today Local News

69 ලක්ෂයේ පැතුම බල්ලට දමා “මක්තබ් මද්‍රසා” තහනම් නොකර වකූෆ් සභාව යටතේ නීතිගත කරන්න යයි.

මෙරට ජීවත්වන සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ පවා දැඩි විවෙචනයට ලක්ව තිබෙන, අන්තවාදී ඉගැන්වීම් සිදුකරන බවට චෝදනා එල්ලවී තිබෙන “මක්තබ් මද්‍රසා” වකූෆ් සභාව යටතට ගෙන නිත්‍යානුකුල කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය සහ ශ්‍රී ලංකා වකූෆ් සභාව තීරණය කර තිබේ.

අවබෝධතා ගිවිසුම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය දෙවැනිදා පවත්වා ඇති අතර ඒ සඳහා උලමා සභාවේ ප්‍රධානින් සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ ඇතුළු බොහෝ නිලධාරීන් පැමිණ ඇත.

දැනටමත් මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ දැඩි විරෝධය දක්වා ඇත.

Facebook සටහනක් තබමින් දෙවටගහ පල්ලියේ සභාපති රියාස් සාලි මහතා සඳහන් කර සිටින්නේ

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව මගින් මක්තබ් මද්‍රසා නැවැත්වීමට නිර්දේශ කරයි, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව එය ප්‍රතිසංස්කරණය කරන බව පවසමින් මක්තබ් සඳහා සහාය දක්වයි

69 ලක්ෂයේ ජනවරමට පිටින් ජනාධිපතිවරයා නොමග යවා බහුතර සිංහල බෞද්ධයන් මෙන්ම සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය පවා විරුද්ධවන මත්තබ් මද්‍රසා ක්‍රමය නිත්‍යානුකුල කිරීම කාගේ සැලසුමක්ද යන්න සොයා බැලිය යුතුව ඇත. රාජපක්ෂ රජය අප්‍රසාදයට පත්කර 2015 මෙන් 2025 දී බෞද්ධ විරෝධී රජයක් බෞද්ධයන් ගේ කරමතින්ම ගෙන ඒමේ කුමන්ත්‍රණ කරුවන් වර්තමානයේ රජයේ ඉහළ පුටුවලට රිංගා මෙලෙස අන්තවාදීන්ට ගොඩ නැගෙන්න උදව් කරනවා විය හැක.

අපට සිදුකල හැක්කේ වාර්තා කිරීම පමණි, ක්‍රියාමාර්ග ගැනීම බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම රජයේ බලධාරීන්ගේ ද වගකීමකි.

මේ පිළිබඳව රියාස් සාලි මහතා තබා ඇති Facebook සටහන

මේ පිළිබඳව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව තබා ඇති Facebook සටහන

Related posts

ගෝඨාභයජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

colombotoday

කෙලවරපිටිය ග්‍රීඩ් උප පොළේ සිට නුගපේ දක්වා විදුලි රැහැන් අදින්න කැබිනට් අනුමැතිය

Admin

හෙට වුණත් ආණ්ඩුව දෙන්නම්… ඒත් අගමැතිකමට රනිල්නම් බෑ – ජනපති එජාපෙට කියයි

colombotoday

අනුර සමග රටට ගමනක් නැති බව ඡන්දය දුන් ජනතාවට තේරිලා

Admin

රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

Admin

“රාජපක්ෂ සමයේ බැදුම්කර ගනුදෙනු ගැනත් වහා සොයනු” – ජවිපෙ ජනපතිට කියයි

colombotoday