World

දරා ගත නොහැකි කැනඩාවේ උෂ්ණත්වයෙන් මිය ගිය පිරිස 719ක් දක්වා ඉහළට

වාර්තාගත ලෙසින් ඉහළ උෂ්ණත්වයක් වාර්තා වීමත් සමඟ කැනඩාවේ බටහිර ප්‍රදේශයේ බි්‍රටිෂ් කොලොම්බියා ඇතුළු ස්ථාන රැසක ජනතාව තවදුරටත් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති අතර, ඒ අවට ස්ථාන කිහිපයකම ලැව්ගිනි පැතිර යන බවයි වාර්තා වන්නේ.

අධික උෂ්ණත්වය හේතුවේන ගෙවුණු සතියක කාලය තුළ පමණක් මියගොස් ඇති සංඛ්‍යාව මේ වනවිට 719 දක්වා ඉහළ ගොස් ඇති බව, කැනඩා බලධාරීන් පවසනයි.

මේ අතර, උතුරු අමෙරිකාවේද ප්‍රදේශ රැසක ඉහළ උෂ්ණත්වය හේතුවෙන් ජනතාව පීඩාවවට පත්ව ඇති අතර, ඇතැම් ප්‍රදේශවල ලැව්ගිනි වාර්තා වන අතර නිව්යෝර්ක් හි ජනතාවට ඝන අයිස් බෙදා දීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඉරාකයේ ද බොහෝ ප්‍රදේශවල දෛනික උෂ්ණත්වය වාර්තා ගත ලෙස මේ වනවිට ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ජාතික ධජයට අපහාස කළ හොංකොං ජාතිකයාට දඬුවම්

colombotoday

ඇමරිකානු ගුවන් කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

“සමලිංගිකත්වය යනු දෙවියන් වහන්සේගේ කැමැත්තයි“ – පෝලන්ත දේවගැතිවරයෙක් කියයි

colombotoday

ජකර්තා ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් බාරගනී

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 8ක් මරු දකී

Admin

සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක වෙයි

Admin