Colombo Today Local News

පුවක් ගෙඩියත් 20ට නගී

වෙළෙඳපොළේ පුවක් ගෙඩියක මිල රුපියල් 20ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුවක් අස්වැන්න අඩුවී තිබෙන බවත් ඒ අනුව පුවක් මිල ඉහළ ගොස් ඇති බවත් පුවක් වගාකරුවන් සඳහන් කරයි.

ඇතැම් ප්‍රදේශවල පුවක් ගෙඩියක මිල රුපියල් 15 සිට රුපියල් 20ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

පුවක් මිල ඉහළ යාම හේතු කොට ගෙන බුලත් විටක මිල ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මැද දුම්බර, කුණ්ඩසාලේ, පන්විල යන ප්‍රදේශවල පුවක් වැඩි වශයෙන් වගා කරන අතර පැවති කාලගුණ තත්ත්වය ද පුවක් අස්වැන්න අඩුවීමට හේතුවක් වී තිබේ.

Related posts

බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරේ මැණික් ඉල්ලම් කැණීමට හොර රහසේම වැඩ අරඹයි

colombotoday

කුණු බිත්තර ගැසූ පාසලේ විදුහල්පතිනියගේ දුරකතනයෙන් ලැබුණු පිළිතුරු – Voice

colombotoday

නෙළුම් කුලුනේ පළමු දින ආදායම මිලියනය ඉක්මවයි

colombotoday

මිය ගිය කොටි සහ දෙමළ වැසියන් මුල්ලිවයික්කාල්හිදී සැමරේ (Photo)

colombotoday

බැදුම්කර වාර්තාවට අගමැතිගෙන් ප්‍රශංසා

colombotoday

රජයේ දොස්තර සංගමයෙන් අගමැතිට දොස්… විරෝධය පා පෙත්සමක් අත්සත් කිරීමට සැරසේ

colombotoday