Colombo Today Local News

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත දෛනික ආදායමක්

දෛනිකව ඉපැයූ වැඩිම ආදායම ඊයේ (22)දින වාර්තා වූ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, රුපියල් කෝටි 28කට අධික මුදලක් සිය දෙපාර්තමේන්තුව ඊයේ දින උපයා ඇති බවය.

ඉන් රුපියල් කෝටි 22 ක්ම උපයා ඇත්තේ, විදුලි බිල් අයකිරීම් මගිනි.

මීට අමතරව පසුගිය 21 වැනි දා ද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22 කට වැඩි ආදායමක් ඉපයූ බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය.

ලංකා විදුලිබල මණ්ඩල, ජල සම්පාදන මණ්ඩල බිල්පත් ගෙවීම් ඇතුළුව ආයතන 18ක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මෙම ආදායම් උපයා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

Related posts

රට බංකොලොත් කර ඇත්තේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව

colombotoday

රට වෙනුවෙන් උරදුන් රණවිරුවෙක්, බෞද්ධ අන්තවාදියෙකු ලෙස හංවඩු ගසා නාවික හමුදාවෙන් නෙරපයි !

colombotoday

දෙහිවල හෝටලයක තවත් පිපුරුමක්

colombotoday

මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් නිකුත් කරයි

Admin

ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයි

Admin

ඊජිප්තු ගිය ජනපති දිවයිනට

Admin