ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාළමක් හැදෙන බවට විවිධ ප්‍රකාශ නිකුත් වුවත් එවැන්නක් සිදු නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ලංකාව තුළ පාලම් මෙන්ම අධිවේගී මාර්ග සැදීමට රජය සැලසුම් කර ඇති බවත් පැවසූ ඇමතිවරයා ඉන්දියාවේ ඇතැම් ඇමතිවරුන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරු ජාතිවාදී ස්වරූපයෙන් හනුමා පාලමක් ගැන වැරදි කතා ප්‍රචාරය කරන බවද පෙන්වා දුන්නේය.
එසේම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සීපා ගිවිසුමක් අත්සන් නොකෙරෙන බවත්, ආර්ථික හා සහයෝගිතා ගිවිසුමක් පමණක් අත්සන් කෙරෙන බවත්, හෙතෙම පැවසීය.