ඉන්දියාවේ, පූනේ නගරයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ සවස් වරුවේ එම ගින්න ඇතිවන අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 37 දෙනෙක් සිට ඇති බව සඳහන් වේ.
ගිනි නිවීමේ භටයින්ට ගොඩනැගිල්ලේ බිත්ති කඩා ඇතුළු වීමට සිදුව ඇති අතර ගින්නට හේතුව අනාවරණය වී නොමැත.
ජලය පිරිපහදු කිරීමට යොදාගන්නා ක්ලෝරීන් ඩයොක්සයිඩ් නිෂ්පාදන එහි නිපදවා තිබේ.