Colombo Today Local News

රිෂාඩ් සහ රියාජ්ගේ පෙත්සම සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු අද (04)දින ඉවත් වී ඇත.

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත මෙම පෙත්සම සලකා බැලීමේ කටයුත්තෙන් තමන් ඉවත් වන බවයි.

අනතුරුව පෙත්සම සලකා බැලීම මේ මස 11 වනදා දක්වා කල් තැබුණි.

මින් පෙරද මෙම පෙත්සම පෙත්සම සලකා බැලීමට තිබු අවස්ථාවක ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු පුද්ගලික හේතුවක් මත පෙත්සම සලකා බැලීමෙන් ඉවත් විය.

Related posts

උතුරු-නැගෙනහිර ප්‍රශ්න ව්‍යවස්ථාවෙන් විසදන්න බෑ – කාදිනල් තුමා

colombotoday

LP ගෑස් තොගයකට රජය ගෙවයි

colombotoday

නාමල් ට එරෙහි නඩුවක් කල් යයි

Admin

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

colombotoday

බන්ධනාගාරගතව සිටි රැට්ටා – ළහිරු ඇතුළු 03කට ඇප

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපන්නේ නැහැ… – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

colombotoday