Colombo Today Local News

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඕස්ට්‍රේලියා රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ ලබන 03 වැනි දා මෙරටට ළගා වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා පවසයි.

ඊයේ (31)දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වු අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය ලැබෙන බවත් ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නඟාසිටුවීමට ඇති හැකියාව කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව තිබෙන බව සඳහන්.

අගය එකතු කිරීමේ නිෂ්පාදන සඳහා වැඩි ආයෝජන අවස්ථා උදාකර ගැනීමෙන් ඉන්දියාව, මැද පෙරදිග ඇතුළු රටවල් රැසක් ඉලක්ක කරගත් අපනයන වෙළෙඳපොළක් මෙරට ස්ථාපිත කළ හැකි බවද මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළ බවයි වාර්තා වේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ කෙටි කාලසීමාවක් තුළ මෙරට මුහුදු සීමාවේදී සිදුවූ නෞකා අනතුරු හේතුවෙන් සිදුවන පරිසර හානිය තක්සේරු කිරීමට සහ කාබනික පොහොර මත පදනම් වු කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රජය දියත් කර ඇති වැඩපිළිවෙළට ඕස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බවයි.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ආමෙයිටි බ්‍රැඩ්ලි මෙනවිය, ආරක්ෂක උපදේශක නාවුක කපිතාන් ඉයන් කෙයින්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

colombotoday

ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

colombotoday

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට විනිසුරු ඉලන්චේලියන් හරසර පුදයි

colombotoday

තවත් ගුවන් පාලම් 4ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

වවුනියාව සෙට්ටිකුලමේ දී හමුදාවට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday