Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහළුමක් පුපුරයි

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා ඇති එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාවේ බහළුමක පිපිරීමක් සිදුව තිබේ.

නාවික හමුදා ප්‍රකාශකවරයා පැවුසවේ, නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනා ආරක්ෂිතව ඉවත් කර ගත් බවයි.

පසුගිය 20 වනදා නෞකාවේ ගින්න හටගෙන තිබුණේ, කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක් දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී ය.

එදා සිට මේ දක්වා නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා මෙයෙහුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඊයේ (24)දින හෙළි වී තිබුණේ, නයිට්‍රික් ඇසිඩ් බහාලුම් සහිත නෞකාවේ බහාලුම් තට්ටුවක් යටින් ගින්න මතුවන බවටයි.

මේ අතර නෙදර්ලන්ත හා බෙල්ජියමේ විශේෂඥ කණ්ඩායම ඊයේ (24)දින නැවට ඇතුළු වී ඇති බව ද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පැවසී ය.

ඉන්දියාවේ හසීරා වරායේ සිට පැමිණ ඇති සිංගප්පූරුවේ ලියාපදිංචි මෙම නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් ප්‍රවාහනය කරමින් තිබී ඇත.

Related posts

අර්ජුන් මහෙන්ද්‍රන් ගැන ජනපතිතුමා බලාගනී.. දිය යුතු උපරිම දඩුවම දෙනවා – ලක්ෂ්මන් යාපා

colombotoday

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

colombotoday

කොලඹ වාහන තදබදය දැඩි වේ

Admin

බීමට දිය පොදක් ඉල්ලා පාරට බැස්ස, හිමිනමක් ඇතුළු 32ක් රිමාන්ඩ් !

colombotoday

කෝටි ගානකට විද්ද ගුරොත් අහුවුණු ගුරෙක්ගේ හොරකම

colombotoday

විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ් කිරිම අසාධාරණයි – කතානායක

colombotoday